32 C
Colombo
Monday, January 13, 2025

උතුරු – නැගෙනහිර වෙනම පළාත්..! – ඇමති නසීර් අහමඩ්

- Advertisement -

උතුරු – නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින දෙමළ නායකත්වය සහ එම ස්ථාවරයේම සිටින මුස්ලිම් දේශපාලන නායකත්වය උතුරු – නැඟෙනහිර මුස්ලිම් ජනතාවට බලය බෙදීම කුමක්දැයි පැහැදිලි කළ යුතු බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පවසනවා.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවල දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි වගන්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුව අමාත්‍ය නසීර් අහමඩ් මෙම ප්‍රශ්නය මතු කර තිබෙනවා.

“ජනවාර්ගික ප්‍රශ්නය විසඳිය යුතුයි. මේ ගැන අපි සැලකිලිමත් වෙනවා. නමුත් මේ විසඳුම් මුස්ලිම් ප්‍රජාවට ප්‍රශ්නයක් විය යුතු නැහැ. උතුරු – නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය දේශපාලන පක්ෂ විසින් ඒකාබද්ධ උතුරු – නැගෙනහිර මුස්ලිම් ජනතාවට ලබා දී ඇති බලය කුමක්ද ? මේ ගැන ඔවුන්ගේ මනස විවෘත කිරීම අවශ්‍යයි. අවස්ථාවට මුහුණ දෙන ප්‍රකාශ වෙනුවට මුස්ලිම්වරුන්ගේ මානසිකත්වය සහ ආකල්ප තේරුම් ගෙන ඒ ගැන කතා කිරීම වඩා සුදුසුයි.

උතුරු – නැගෙනහිර සම්බන්ධතාවය අවශ්‍යද. එහෙම නැතිනම් උතුරු – නැගෙනහිර වෙන් කළ යුතුද. මුස්ලිම් කොංග්‍රස් නායකත්වය ජනතාවට පැහැදිලි කළ යුතුයි. හකීම් සිටින්නේ එක්වීමේ ස්ථාවරයක නම් ඔහු උතුරු – නැගෙනහිර මුස්ලිම් ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුම කුමක්ද යන්න පැහැදිලි කළ යුතුයි. මේ දේවල් සම්බන්ධයෙන් හකීම් සහ සුමන්දිරන් අතර ඇති රහස් සාකච්ඡා එළියට ගෙන ඒම අවශ්‍යයි.

මේ පළාත් දෙක වෙන් කළ යුතු බව හකීම් කියන්නේ නම්, පවරාගත් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ඔවුන්ට නැවත ලබාදිය යුතුයි.

සුළු ජාතික ප්‍රජාවන්ගේ පොදු අනන්‍යතාවයට මුස්ලිම් ජනතාව යට කිරීමට උත්සාහ කරනවා. මේ පොදු අනන්‍යතාවය ඇතුලේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. එබැවින් 13වැනි වගන්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති රවුෆ් හකීම් කළ ඉල්ලීම මෙම තත්ත්වයන්ට අදාළ නොවේ. මෙය ඔහුගේ පෞද්ගලික මතය මිස උතුරු – නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාවක් නොවේ. ඒ නිසා කවුරුත් විසඳුම ගැන කතා කළ යුතු නැහැ.

උතුරු – නැඟෙනහිර වෙනම පළාත් වන බැවින් විශේෂයෙන්ම නැගෙනහිර මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මුස්ලිම් ජනතාවට පවරාගත් ඉඩම් ලබාදීම අවශ්‍ය යි. උදාහරණයක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14ක් තියෙනවා. මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇත්තේ 04ක් පමණ යි. දිස්ත්‍රික්කයේ මුලු ජනගහනයෙන් 27% ක් මුස්ලිම්වරුන් වන නමුත් ඔවුන්ට අයිති ඉඩම් ප්‍රමාණය 1.3% ක් පමණ යි.

ඉඩම් වලින් 27 %ක් ඔවුන්ගේ බල අරගල සහ තර්ජන නිසා බලහත්කාරයෙන් පැහැරගෙන වංචනික ලෙස ලබා ගත්තා. පළාත් සභාවලට ඉඩම්, පොලිස් බලතල දෙන්න කලින්, බලෙන් පවරාගත් මුස්ලිම් ජනතාවට අයත් ඉඩම් ආපහු දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඉඩම් මායිම් ප්‍රශ්නත් විසඳන්න ඕන.

13වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් පසු උතුරු – නැගෙනහිර මුස්ලිම් ජනතාව වාර්ගික අඩම්තේට්ටම්වලට ලක්වුණා. නැගෙනහිරින් ඔවුන්ට අයත් ඉඩම් රාජසන්තක කළා.

මඩකලපුවේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් රාජසන්තක කළා. මුස්ලිම් ජනතාව 13වැනි සංශෝධනයට බිය වන්නේ මේ නිසයි. සුළු ජන අයිතිවාසිකම් ඉල්ලා සිටින ඔවුන් තම පළාතේ ඔවුන් සමග සිටින සුළු ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේ පැහැරගෙන. එබැවින් බලය බෙදීමේ දී උතුරු – නැඟෙනහිර මුස්ලිම්වරුන්ටද තම අයිතීන් සමානව ලබා දිය යුතුයි. මේ සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නිහඬතාවය ද බිඳිය යුතුයි” යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රන් මාල කැඩූ හිටපු පොලිස් කොස්තාපල් ඇතුළු 3ක් මාට්ටු

මහ මග ගමන් ගන්නා ජනතාවගේ රත්‍රන් මාල කැඩීමේ නිරතව සිටි හිටපු කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනෙකු කොල්ල කා විකුණා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගයක් සමගින්...

යතුරුපැදි කොටස් කර විකිණීමේ ජාවාරමක්

යතුරු පැදි සොරකම් කර ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවු ස්ථානයක් වටලා කැබලි කර තිබු යතුරු පැදියක් සමග සැකකරුවෙකු පුත්තලම මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට...

පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොළ, ගෙළිඹය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. ඒ අම්පාර බස් නැවතුම්පළේදියි. එහිදී...

POPULAR ARTICLES

ඇමෙරිකාවේ ලැව්ගිනිවලින් මියගිය ගණන තවත් ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිර යන ලැව්ගින්නෙන් මියගිය පිරිස 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ලැව්ගින්න ලෙස වාර්තා අතරට එක්ව ඇති පැසිෆික් පැලිසේඩ්...

රන් මාල කැඩූ හිටපු පොලිස් කොස්තාපල් ඇතුළු 3ක් මාට්ටු

මහ මග ගමන් ගන්නා ජනතාවගේ රත්‍රන් මාල කැඩීමේ නිරතව සිටි හිටපු කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනෙකු කොල්ල කා විකුණා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගයක් සමගින්...

යතුරුපැදි කොටස් කර විකිණීමේ ජාවාරමක්

යතුරු පැදි සොරකම් කර ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවු ස්ථානයක් වටලා කැබලි කර තිබු යතුරු පැදියක් සමග සැකකරුවෙකු පුත්තලම මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට...