32 C
Colombo
Thursday, May 1, 2025

කිම්ජොන් උන් ගේ බර හදිසියේ අඩුවීම ගැන උතුරු කොරියානු ජනතාව කම්පාවෙන්

- Advertisement -

උතුරු කොරියානු පුරවැසියකු, නායක කිම් ජොන් උන් හදිසියේ බර අඩු කර ගැනීම පිළිබඳ කනස්සල්ල පළ කරන පෙර නොවූ විරූ රූපවාහිනී වීඩියෝ පටයක් ජ්‍යාත්‍යන්තර විශ්ලේෂකයන් සහ මාධ්‍යවල අවධානය හිමි කරගෙන තිබේ.

උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍යය තත්ත්වයට අදාළ තත්ත්වයන් එරට රාජ්‍ය මාධ්‍ය තුළ පෙන්වීම සිදු කරන්නේ ඉතාම කලාතුරකිනි. ඔහුගේ ප්‍රතිරූපයට අදාළ දේ මාධ්‍ය තුළ දැඩිව පාලනය කරනු ලබයි.

එවැනි තත්ත්වයකදී රාජ්‍ය මාධ්‍ය තුළින් නායකයාගේ සිරුරේ බර විශාල වශයෙන් අඩුවීම විශේෂ කොට පෙන්වනු ලබන්නේ කිසියම් අරමුණක් සඳහා බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකාව ද කිම් ජොන් උන්ගේ සිහින් සිරුර කැපී පෙනෙන පරිදි ඔහු පෙන්වීමට මෑතක දී කටයුතු කර තිබිණි.

ඉන්පසු නම සඳහන් නොකළ පුරවැසියකු කිම් ජොන් උන් සිහින් වීම පිළිබඳ කණගාටුවන දර්ශන රාජ්‍ය රූපවාහිනියේ විකාශය විය.

“ඔහු එලෙස දුටුවිට අපි විස්මයට පත්වුණා.හැමෝම අඬන්න පටන් ගත්තා,”යැයි පුරවැසියා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයින් පවසන්නේ කිම් තමන් වටා කිසිවිටක සෘණාත්මක ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් නොකරන බැවින් තමන් තනිවම බර අඩු කරගන්නා බව පෙන්වීමට කිම් ට අවශ්‍ය වී ඇති බවයි.

ඔහු ජනතාව වෙනුවෙන් කැපවී සිටින බව පෙන්වීම සඳහා කරන ප්‍රචාරණ වැඩපිළිවෙළක කොටසක් ලෙස ඔවුන් මෙය පෙන්වා දුන්නේය.

උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව දිගින් දිගටම කටකතා පැවතුනද, ඒවා රටේ කුප්‍රකට රහසිගත රජය විසින් පිළිගනු ලැබුවේ කලාතුරකිනි.

එමෙන්ම මෑතක දී නායකයා රටේ ආහාර හිඟයක් පවතින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ද කටයුතු කර තිබිණි.

RECENT ARTICLES - SINHALA

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු...

වාහනවලට අංක තහඩු නැහැ ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම 28වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නවතා දමා තිබෙනවා. මේ අනුව පැවරීම් සිදුකළ වාහන සහ...

ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකුයි. ඔහු මෙවර පැවැත්වෙන පළාත්...

POPULAR ARTICLES

වාහනවලට අංක තහඩු නැහැ ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම 28වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නවතා දමා තිබෙනවා. මේ අනුව පැවරීම් සිදුකළ වාහන සහ...

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු...

වෙඩි වැදුණු මළ සිරුරක් සොයා ගැනේ

වෙඩි වැදුණු සැකකටයුතු මළ සිරුරක් සොයා ගෙන තිබෙන බව පොලීසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ජා-ඇල, උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මෙම මළ සිරුර හමුවී ඇති බවයි. මළ සිරුරේ...