රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මේ වන විට ජනතා නියෝජිතයින් කොවිඩ් 19 අරමුදල සඳහා දායකත්වයක් ලබාදී ඇති බවත් යම් පරිත්‍යාගක් කළ හැකි සියලු දෙනාගෙන් මේ අවස්ථාවේ එම පරිත්‍යාගය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
බන්දුල ගුණවර්ධන මහතාද සිය වැටුප කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට කටයුතු කළා. ඔහුගේ මෙම කැප කිරීම ජනපතිවරයාගේ පැසසුමට ලක්වූ බවයි ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසා සිටියේ.
රටවසා දැමීමකදී රාජ්‍ය සේවකයන්ගේ සහ පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කළ යුතු බවට රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනක්ම යෝජනා කර තිබුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට රජයට හැකියාවක් නොමැති බවයි
මැති ඇමතිවරුන්ගෙන් මුදල් අයකර ගැනිම සුදුසු බවත් ජනතාවගේ රාජ්‍ය සේවකයින්ගේ මුදල් ගැනිම අසාධාරණ බවත් ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.