24 C
Colombo
Tuesday, January 21, 2025

ආගමික ස්ථාන වලට විතරක් නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ..! – සිරිල් ගාමිණී පියතුමන්

- Advertisement -

වප් පොහොය දිනයේ සියලු ආගමික ස්ථාන අදුරේ තැබීමට ගත් තීරණය අත්හිටවූ බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඊයේ දින නිවේදනය කරනු ලැබුවා.

ඒ, විදුලි බිල අඩු කරන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් ඊයේ මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් වෙත දැනුවත් කිරීම හේතුවෙන්.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සදහන් කළේ ආගමික ස්ථාන සදහා ලබාදුන් මෙම සහනය ඉදිරියේදී ජනතාව වෙතත් ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

අත්‍යාවශ්‍ය ආහාර මිල පවා ඉහළ ගොස් ඇති පසුබිමක ඉහළ ගිය ව්දුලි බිල රටේ සියලුම ජනතාවට දරා ගැනීමට නොහැකි බවත් ජීව්ත් වීමට නොහැකි ආර්ථික තත්වයක් රට තුල නිර්මාණය වී ඇති බවත් සිරිල් ගාමිණී පියතුමන් පෙන්වා දෙනවා.

“ආගමික ස්ථාන වලට විතරක් නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. විදුලි බිලේ මේ විශාල වෑඩිවීම මිනිස්සුන්ට දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේවට හේතු වුණු පුද්ගලයන් නිදැල්ලෙ ඉද්දි ආර්තිකයේ කඩා වැටීම ජනතාවගේ කරපිට පැටවීම ලොකු අසාධාරණයක්”.

මේ අතර, ආගමික ස්ථානවල විදුලිබිල අඩු කිරීමට තීරණය කළේ ආගමික නායකයින් කළ ඉල්ලීම නිසා පමණක් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ ඊයේ දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ ආගමික ස්ථාන අදුරේ තැබීමේ විරෝධතාවද විදුලිබිල අඩු කිරීමේ තීරණයට බලපෑ බවයි.


RECENT ARTICLES - SINHALA

මහනුවර – මහියංගනය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

මහනුවර -මහියංගනය ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර ඇති බව පොලිසිය පවසනවා. ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් මෙම මාර්ගය ඊයේ (20) කහටගොල්ල ප්‍රදේශයේ 44/1...

ආණ්ඩුව ෆේල්

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එමෙන්ම ආණ්ඩුවේම මැති...

අනුරගේ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

POPULAR ARTICLES

මහනුවර – මහියංගනය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

මහනුවර -මහියංගනය ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර ඇති බව පොලිසිය පවසනවා. ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් මෙම මාර්ගය ඊයේ (20) කහටගොල්ල ප්‍රදේශයේ 44/1...

අමෙරිකාවේ 47 ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබෙනවා. දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු වොෂින්ටන්...

ආණ්ඩුව ෆේල්

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එමෙන්ම ආණ්ඩුවේම මැති...