25 C
Colombo
Saturday, March 15, 2025

ජනපති හා පක්ෂ 11 අතර හමුව : වැදගැම්මකට ඇති දෙයක් සාකච්ඡා වුණේ නැහැ – වාසු (වීඩියෝ)

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා අතර සාකච්ඡාවක් අද (10) පස්වරුවේ පැවැත්වුණා.

එහෙත් එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

මෙම සාකච්ඡාවේදී අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ යෝජනා ගැන ස්ථිර සාකච්ඡාවක් සිදු නොවූ බවත් සැබවින්ම වැදගත් කිසිදු දෙයක් සාකච්ඡා නොවූබවත් අමාත්‍යවරයා සදහන් කළා.

කෙසේ නමුත් ඉදිරි දිනයකදී යළිත් සාකච්ඡා කිරීමට මෙම කණ්ඩායම එකගතාව පළකළ බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

මේ අතර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ලබාදුන් යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ජනතා ඉල්ලීම්වලට පිටුපා රාජපක්ෂවරුන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් නැවත පත්කළහොත් ජනතාවගේ විරෝධය මැඩලිය නොහැකි වන බවයි.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුරක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (14) අලුයම් කාලයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම දෙස සිට කුරුණෑගල දෙසට නාගලගමුව ප්‍රදේශයේ ධාවනය...

සත්ත්ව සංගණනය අද

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ජාතික සත්ත්ව සංගණනය අද (15) පෙරවරු 8 ට ආරම්භ වනවා. ඒ අනුව, පෙරවරු 8:00 සිට 8:05...

අද සවස තද වැසි

අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ...

POPULAR ARTICLES