දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා .
එම දෙපාර්තුමේන්තුව දැනුම් දෙන්නේ දුම්රිය ස්ථානයට ඇතුළු වීමේ දී හා දුම්රිය තුළ දී ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීමේ දී ප්‍රවේශ පත්‍රයේ සඳහන් ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරීක්ෂා කර තහවුරු කර ගත යුතු බවයි.
එමෙන්ම, 2025 ජනවාරි 01 දින සිට වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර මුදල් ආපසු ඉල්ලුම් කිරීමේ දී ප්‍රවේශ පත්‍ර හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම මඟියාගේ ජාතික හැඳුනුම්පතෙ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා .