නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබා ගැනීම එළඹෙන ජුනි මාසය ඇතුළත සිදු කිරිමට නියමිතව තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ(18) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මේ බව සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙන අතර එයට අදාළ යටිතල පහසුකම් මේ වන විට සකස් කරමින් සිටින බවයි.
ඒ අනුව, එළඹෙන ජුනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සලකුණුවලට අදාළ දත්ත එකතු කිරීම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආරම්භ කිරීමට නියමිතයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, දීර්ඝ කාලයක් පුරාවට ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබුණු මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලිය මෙම වසර තුළ අනිවාර්යයනේම ආරම්භ කිරීමට අවශ්‍ය කෙරෙන කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.