31 C
Colombo
Friday, October 4, 2024

ලෙබනනයේ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්

- Advertisement -

ලෙබනනය සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම මේ මොහොතේ සිදුනොකරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පවසනවා.

ඔහු පවසන්නේ, මෙරට සිටින ඥාතීන්ට තම ඥාතීන් සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් වේ නම් 1989 අංකය ඇමතීමෙන් තොරතුරු දැනගැනීමේ හැකියාව ඇති බවයි.

මැද පෙරදිග රටවල් වෙත ශ්‍රමිකයින් බඳවා ගැනීම සහ ලියාපදිංචිය පිළිබඳව ඔහු මෙලෙස අදහස් දැක්වා තිබෙනවා.

“ඊශ්‍රායලයේ හෝ ලෙබනනයේ සේවය කරන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් මේ යුදමය තත්ත්වය තුළ ඇතිවෙලා නැහැ. ඊශ්‍රායල රජය සීමාවන් පනවලා තිබෙනවා මේ වනවිට. ලබාදෙන ආරක්ෂිත විධිවිදානවලට අනුගතවෙලා සියළු දෙනාම කටයුතු කරන්න ඕන.

මෙරට සිටින ඥතීන්ට හැකියාව තිබෙනවා තමන්ගේ ඥාතියා සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් තිබෙනවානම් 1989 අංකයට කථා කරලා අපට දැනුම් දෙන්න.

ලෙබනනය සඳහා ශ්‍රමිකයින් බඳවාගැනීම නැතිනම් ලියාපදිංචි කිරීම මේ මොහොතේ සිදුකරන්නේ නැහැ. කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට මේ අවස්ථාවේ ලංකාවට පැමිණීමට අවශ්‍යනම් ඔවුන්ට හැකියාව තිබෙනවා තානාපති කාර්යාල හා සම්බන්ධවෙන්න. MIDDLE EAST ගුවන් සේවය ඔස්සේ මෙරටට පැමිණීමට හැකියාවක් තිබෙනවා. නමුත් ගුවන්ගමන් ගාස්තු ඉහළ අගයක් ගන්නවා. මොකද ඉල්ලුම වැඩි නිසා.”

RECENT ARTICLES - SINHALA

අප්සාරිට සජබයෙන් ලොකු තනතුරක්

සමගි ජන බලවේගයේ බටහිර - කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙස කටයුතු කරන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය පත් කර තිබෙනවා. අප්සාරි...

අනුරට මෝදිගෙන් ආරාධනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබෙනවා. ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් එම ආරාධනය ඉන්දීය විදේශ...

අසාත් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න. අනුරට යෝජනාවලියක්

චැනල් ෆෝ නාලිකාවෙන් පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය ගැන හෙළිදරව් කළ අසාත් මවුලානා නැමැත්තාගේ ප්‍රකාශයක් සටහන් කරගනිමින් පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරුවන් සහ එය...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...