27.6 C
Colombo
Saturday, November 23, 2024

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

- Advertisement -

අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අවධාරණය කළා.

එම දෙපාර්තමේන්තුවේ අද (23) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ, සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකතන භාවිතයට අවසර හිමි නොවන බවයි.

එමෙන්ම අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ, මුල් දින 06ට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර අද විභාග මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

වේයන්ගොඩ නිධානය සොයා කළ කැණීම් අවසන්

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන්...

POPULAR ARTICLES