31 C
Colombo
Sunday, January 5, 2025

වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

- Advertisement -

නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිසියට ‍දැනුම් දී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට සමගාමීව මහමග ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

ඊයේ සිට නැවත දැනුම් දෙන තුරු මේ පරීක්ෂා කිරීම් සිදු කළ යුතු බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා.

අධික ශබ්ද සහිත සයිලන්සර්, ඝෝෂාකාරී නලා ඇතුළු අනතුරුදායක සවිකිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස සොයා බලන ලෙසද උපදෙස් දී ඇතැයි සඳහන්.

මෙවැනි රථ වාහන මාර්ගයේ ධාවනය වුවද එය නුදුටුවාක් සේ රථවාහන පොලිසිය කටයුතු කිරීම ජනතාවගේ අප්‍රසාදයට හේතුවී ඇති බවත්, එය ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයටද හානියක් බවත් වැඩබලන පොලිස්පතිවරයා පවසනවා.

පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තෙ එවැනි වාහන හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරිම සඳහා දෛනිකව පැය තුන බැගින් මෙහෙයුම් දෙකක් සෑම පොලිස් බල ප්‍රදේශයකම ක්‍රියාත්මක කළ යුතු බවටයි.

RECENT ARTICLES - SINHALA

තේ කූඩයට එක්වුණ කුඩය

තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වා දිමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතු යායේ වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම කම්කරුවන්...

වනඅලින්ට කරපටියක්

අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිටින වන අලි විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව වනඅලින්ට GPS තාක්ෂණය...

ආනන්ද පාලිතට එරෙහිව මිලියන 500ක එන්තරවාසියක්

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට හානි සිදුවූ බව කියමින් රුපියල් මිලියන...

POPULAR ARTICLES