28 C
Colombo
Sunday, September 8, 2024

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

- Advertisement -

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාව පෙන්වා දෙන්නේ, රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති අතර, ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු ඉන්ධනහල් හිමියන් දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බවයි.

බෙදුම්කරුවන්ගේ ඉන්ධන ඇනවුම් ක්‍රියාවලිය පහසුකරලීම සඳහා ලබන 15 වන දින දක්වා චෙක්පත් මගින් ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කළේ, මෙම කාලපරිච්ඡේදය තුළ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ටැංකි රථ යෙදවීමට ද තීරණය කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

රට භාරදෙන්න සුදුසුම පුද්ගලයා සජිත් – මිහින්තලේ හිමි

ජාතික ජන බලවේග වේදිකාවේ භික්ෂූන් සිටින්නේ නම් ඒ අය භික්ෂූන් වහන්සේලා වන බවත් අනෙකුත් දේශපාලන වේදිකාවල භික්ෂූන් සිටින විට ඔවුන් චීවරධාරීන් දුසිල්වන්තයන් ලෙස හංවඩු...

බිරිද ඝාතනය කළ සැමියා දිවි නසාගනී

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. ඊයේ (07) එම සිදුවීම වාර්තා වී තිබුණේ මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම...

වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් එක් අයෙක් සිදුවූ වනඅලි පහරදීමකින් මියගොස් ඇත්තේ, කල්මුණ බස් නැවතුම්පොළ...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...