පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව අද (5) පස්වරුවේ මාධ්‍ය වෙන නිවේදනයක් යොමුකරමින් මේ බව දන්වා සිටියා.
ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය 2025 ජනවාරි මස 05වන දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.