28.6 C
Colombo
Monday, September 16, 2024

සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා ගැන දැනුම්දීමක්

- Advertisement -

තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා පවසනවා.

අද (06) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවයි.

“මේ වනවිට වාර්තා වන අන්දමට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද භාවිත වෙලා තියෙනවා වගේම ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ඒ ඒ ප්‍රදේශවල තැපැල් කාර්යාලවලට භාරදීලා තියෙනවා.අපි ඒක සංසන්දනාත්මකව බලන්නේ තැපැල් කාර්යාලවලට ලැබෙන ඒ තැපැල් පැකට්ටු සංඛ්‍යාවත් සමග. ඒ නිසා පළමු දිනයේ විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා අද දිනයේත් විශාල සංඛ්‍යාවක් භාවිතා වෙලා කියලා නිරීක්ෂණය වෙනවා.”

මෙලෙස සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට් විශේෂ ආරක්ෂාවක් යටතේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත රැගෙන යාම ආරම්භ කොට තිබෙන බව තවදුරටක් අදහස් දක්වමින් රාජිත රණසිංහ මහතා සඳහන් කළා.

2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද දායකයින් 712,319 දෙනෙකු මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබු අතර තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද තෙවැනි දිනටත් පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වුණා.

ඊයේ (05) මෙන්ම අදත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවූයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, සෙසු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ ගුරුවරු ඇතුළු සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය සඳහායි.

මේ අතර අද ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 11 ,12 යන දෙදින අතිරේක දින දෙකක් ලෙස හිමි වුණා.

ඔවුන්ට එම දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරිමේ හැකියාව පවතිනවා.

RECENT ARTICLES - SINHALA

සජිත්ට එරෙහිව ජපුරෙන් පැමිණිල්ලක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ...

එදා අපිට හොරා කියලා කිව්වා අපේ හාමුදුරුවනේ – නාමල්

දේශපාලන නායකයින් එදා මාධ්‍ය ඉදිරියට පැමිණ අප කණ්ඩායමට 'හොරා' යනුවෙන් පැවසුවත් තමාට එරෙහිව තිබූ නඩු වලින් නිදොස් කොට නිදහස් වූ බව පොදුජන පෙරමුණේ ජනාධිපති...

ටික්ටොක් ඔට්ටුවලට යතුරුපැදි රේස් පැද්ද තරුණයින් 12ක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලයේ ටික්ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12ක් යතුරුපැදි 18ක් සමග අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...