31 C
Colombo
Friday, October 18, 2024

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

- Advertisement -

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එසේ නොවුණ හොත් පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් වියදම් වාර්තා ලබාදීමේදී ඇතැම් අපේක්ෂකයින්ට සිදුවු අපහසුතාවලට මෙම අපේක්ෂකයින්ට ද මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

මේ අතර, ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා මැතිවරණයේදී ආදායම් වියදම් වාර්තා නිසිපරිදි ලබා නොදෙන අපේක්ෂකයින්ට මුහුණ පෑමට සිදුවන තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ එවැනි අපේක්ෂකයෙකුගේ දේශපාලන අයිතිය වසර 3කට අහිමි විය හැකි බවයි.

යම් ආකාරයකින් අපේක්ෂකයෙකුට තමන්ගේ වියදම් වාර්තා ලබාදීමට නොහැකි වුවහොත්, නැතිනම් අසත්‍ය තොරතුරු ඇතුළත් කළොත් අධිකරණ ක්‍රියාවලියක් තුළින් දේශපාලන අයිතිය වසර 3කට අහිමි විය හැකි බවත් මැතිවරණ පෙත්සමක් තුළින් ධුරය අහිමිවීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මෙවර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තිදෙනෙකු සිය වාර්තාවන් ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය සතියේ සඳහන් කළා.

කොමිසම අනාවරණය කළේ බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න හා අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නාම යෝජනා කළ ඡන්ද හිමියන් මෙසේ අදාළ ආදායම් වියදම් වාර්තා වෙන වෙන ම සකස් කර භාර දී නොමැති බවයි.

මෙලෙස සිය මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් පිළිබඳ විස්තර පොලිසියට භාර දෙන බවත් නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...