අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මේ මාසයට අදාළ මුදල් අද (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව, ප්‍රතිලාභීන් 177, 311 කගේ ගිණුම්වලට අදාළ මුදල් බැර වනු ඇති.
ඒ සදහා වෙන් කර ඇති මුදල් රුපියල් කෝටි 1,100කට අධිකයි.
සියලු ප්‍රතිලාභීන්ට හෙට (13) සිට තමාට හිමි ප්‍රතිලාභ මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළා.
අස්වැසුම ලබා ගැනීම සඳහා දී තිබූ කාලය, දෙසැම්බර් දෙවැනිදායින් අවසන් වීමට නියමිත තිබුණද පැවති වර්ෂාධික කාළගුණය හේතුවෙන් අයදුම් කළ හැකි දිනය පසුගිය (09) වැනිදා දක්වා දීර්ඝ කෙරුණා.