27 C
Colombo
Saturday, October 26, 2024

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ට දැනුම්දීමක්

- Advertisement -

ගමන් බිමන් අවම කර රැකියා ස්ථානයේ ඉතා අවධානයෙන් සිටින ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන ලාංකිකයින්ට දැනුම් දෙනවා.

තානාපතිවරයා පැවසුවේ ඊශ්‍රායල් ගුවන් හමුදා යානා, ඉරානයේ තෝරාගත් ස්ථාන කීපයක් වෙත  මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමගම මැදපෙරදිග කලාපයේ යළිත්  නොසන්සුන් තත්ත්වයක්  මතුව ඇති බවයි.

තත්ත්වය ඉදිරියේ දී වර්ධනය  වන බව නිරීක්ෂණය වන බැවින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයන් එල්ලවිය හැකි ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර පිලිබඳව අවධානයෙන් සිටින ලෙස තානාපතිවරයා දැනුම් දී තිබෙනවා.

තානාපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් ඉරාන , ඉරාක, ලෙබනන්, සිරියා හා ඊශ්‍රායිල් ගුවන් සීමාවල ගුවන්යානා  ගමන්  නොකරන  තත්ත්වයක් පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

භාවිතයට නොගන්නා රජයේ වාහන ගැන තීරණයක්

අමාත්‍යංශවල භාවිතයට නොගන්නා කැබ් රථ අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීම වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවට පුවතක් වාර්තා වෙනවා. පරිසර, වනජීවි, වන සම්පත්,...

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ...

ඡන්ද ප්‍රචාරණයට ගිය කාන්ති කොඩිකාරට ප්‍රහාරයක්

මැතිවරවරණ ප්‍රචාරණ කටයුතු සඳහා එක්වූ මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

UGC සභාපති පත්කිරීම ගැන අනුර හරිනි මත ගැටුමක?

Update: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති...