26 C
Colombo
Friday, December 13, 2024

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට නොතීසි

- Advertisement -

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (12) නියෝග කළා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය දර්ශන ඇතුළත් දුරකථනයක් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට අධිකරණය ලබා දුන් නියෝගයක් වසර 8ක් පුරාවට පැහර හැර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ කියා සිටියේ අසභ්‍ය වීඩියෝ දර්ශන සන්තකයේ තබාගෙන අන්තර්ජාලය හරහා මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම ප්‍රදේශයේ සැකකරුවෙකු 2016 වසරේදී අත්අඩංගුවට ගත් බවයි.

එසේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ ජංගම දුරකථනය සම්බන්ධයෙන් පරිගණක වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට අවස්ථා කිහිපයකදී අධිකරණය මගින් දැනුම් දී තිබෙනවා.

නමුත් සිද්ධිය සිදුව වසර 8ක් ගතව ඇතත් එම පරිගණක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට එම විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට නොතීසී නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව ලබන මැයි මස 25 වැනි දින නැවත කැඳවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

දීඝදන්තු මරණයේ සැකකරු තවදුරටත් රිමාන්ඩ්

දීඝදන්තු ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර තැනැත්තා ලබන (26) තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබෙනවා. ගල්කිරියාගම, ආඩියාගල ප්‍රදේශයේ ගෙවත්තකදී වීදුලිසෑර වැදීමෙන් මියගිය...

MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම අද (12) සිදුකෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති...

බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට ලැබුණු දඬුවම

බාලවයස්කාර දැරියක් (14) ගණිකා වෘත්තියේ යෙදවූ 31 හැවිරිදි අයෙකුට වසර 30 සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා. නියෝගය ලබා දෙමින් කොළඹ...

POPULAR ARTICLES