30 C
Colombo
Sunday, November 17, 2024

උසස් පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක්

- Advertisement -

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර තිබෙනවා.

ඒ පසුගිය කාලසීමාව තුළ මතුවූ ගැටලු මුල් කරගනිමින්.

මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

ඒ විභාග මධ්‍යස්ථාන 2,312 ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදීයී.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, තුන්ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූතුනක් වනවා.

ඒ අතරට පාසල් අයදුම්කරුවන්, දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූවක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්.

RECENT ARTICLES - SINHALA

පානදුරේදී පාසල් සිසුන් 6ක් අත්අඩංගුවට

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව...

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) මෙරටට පැමිණීමට නියමිතයි. ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි පැවසෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී...

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ...

POPULAR ARTICLES