25 C
Colombo
Saturday, January 18, 2025

IPL ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

- Advertisement -

2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය මෙම මස 24 සහ 25 යන දෙදින තුළදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන්නේ සවුදි අරාබියේ ජෙඩා නගරයේදීයි.

ඓඵ්ළ් ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන්නේ ඉන්දියා ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ තුන්වන සහ සිව්වන දිනවලදී වීම තවත් විශේෂත්වයක්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කරන්නේ මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් 1,574ක් ලියාපදිංචි වී ඇති බවයි.

ඉන් 1,165 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයන් වන අතර, ක්‍රීඩකයන් 409 දෙනෙකු විදෙස් ක්‍රීඩකයන් වන බව වාර්තා වනවා.

මෙවර වෙන්දේසියට ලියාපදිංචි වී ඇති වැඩිම ක්‍රීඩකයන් ගණනක් ලියාපදිංචි වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්.

මේ අතරින් කණ්ඩායම් 10ක් විසින් ක්‍රීඩකයන් 204 දෙනෙකු 2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තෝරා ගනු ලබනවා.

ඉන් විදෙස් ක්‍රීඩකයන් 70 දෙනෙකු කණ්ඩායම් තුළට ඇතුළත් කරගැනීමට නියමිතයි.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 25 දෙනෙකු තෝරා ගත හැකි වනවා.

මෙවෙර පංජාබ් කිංග්ස් කණ්ඩායම වැඩිම මුදලක් සමගින් ක්‍රීඩක වෙන්දේසියට එක්වන අතර රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අඩුම මුදල රඳවාගනිමින් වෙන්දේසියට එක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

වතු නිවාස පෙළක ගින්නක්

මස්කෙළිය පොලිස් වසමට අයත්  මාඋස්සාකැලේ වත්තේ  වතු නිවාස පෙලක ඊයේ (17) රාත්‍රී  11.30 පමණ ගින්නක් හටගෙන තිබෙනවා. මස්කෙළිය පොලිසිය පවසන්නේ මෙම ගින්නෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම...

වැසි තත්වයේ වැඩිවීමක්

0
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (18) සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තුමේන්තුව...

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

POPULAR ARTICLES

වතු නිවාස පෙළක ගින්නක්

මස්කෙළිය පොලිස් වසමට අයත්  මාඋස්සාකැලේ වත්තේ  වතු නිවාස පෙලක ඊයේ (17) රාත්‍රී  11.30 පමණ ගින්නක් හටගෙන තිබෙනවා. මස්කෙළිය පොලිසිය පවසන්නේ මෙම ගින්නෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම...

19න් පහළ 20යි20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

වයස අවුරුදු 19න් පහළ 20යි 20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද මලයාසියාවේදී ආරම්භ වෙනවා. මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් 16ක් එක්වෙනවා. ලංකාව සහභාගී වන පළමු තරගය...

වැසි තත්වයේ වැඩිවීමක්

0
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (18) සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තුමේන්තුව...