මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර සියල්ල ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.
අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන්ල කළේ ලක්ෂ 9කට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කර ගත නොහැකිව ගොඩගැසී ඇති බවයි.
ඒ අනුව පසුගිය සඳුදා දිනයේ දී රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර තුනක් තමා වෙත ලැබුණු බවත් ඒ අනුව මේ සතියේ සිට මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා සඳහන් කළා.
මේ වන විට විදෙස්ගත වන සහ අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් රියදුරු බලපත් දෙසීයක් පමණ දිනකට මුද්‍රණය වන බවයි සඳහන් වන්නේ
කෙසේවෙතත් මෙම තත්වය දඩමීමා කරගනිමින් දෙපාර්තමේන්තුවේ එක්තරා ප්‍රධානියෙක් තැරැව්කරුවන් හරහා රියදුරු බලපත්‍රයකට රුපියල් 5000ක් ගෙන හොර පාරෙන් මුද්‍රණය කරවන බවටද වාර්තා වෙනවා.
අදාළ නිලධාරියා එමගින් සතියකට රුපියල් ලක්ෂ 10-20ක් උපයන බවත් මේ සඳහා දේශපාලන හයියක්ද ලැබෙන බවට තවදුරටත් වාර්තා වනවා.
මෙවැනි සිදුවීමක් ගැන යම් පැමිණිල්ලක් ලැබෙන්නේ නම් ඒ ගැන වහා පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.