29.2 C
Colombo
Friday, November 22, 2024

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්

- Advertisement -

වයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත් වන වැඩිහිටියන්ගේ රුපියල් 3000ක දීමනාව සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දීමක් නිකුත් කර තිබෙනවා.

එම දීමනාව මේ මාසයේ සිට අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව එහි සඳහන්.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල සිටින ප්‍රතිලාභීන්ට නොවැම්බර් මාසයට අදාළ රුපියල් 3000ක වැඩිහිටි දීමනාව අද සිට තම පවුලේ අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකියි.

අස්වැසුම ප්‍රතිලාභීන් නොවන අවුරුදු 70ට වැඩි දැනටමත් එම දීමනා ලබන ඉතිරි වැඩිහිටියන් සඳහා ගෙවන වැඩිහිටි දීමනාව පැවති ක්‍රමය අනුව අඛණ්ඩවම තැපැල් කාර්යාල මගින් ලබාගැනීමට හැකියාව පවතිනවා.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ පන් ලක්ෂ එකොලොස් දහස් අසූ හයකට (511,086) මෙම දීමනාව හිමිවෙනවා.

RECENT ARTICLES - SINHALA

ගෝමික උඩුගමසූරියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස...

ලක්සඳ නිවාස සංකීර්ණයේ ගින්නෙන් දැඩි හානි

කොළොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් නිවාස සංකීර්ණයට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එමෙන්ම ගින්නෙන් ඇති වූ...

IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජනවරමට පිටුපෑමක් – සජිත්

පසුගිය රජයේ ජන පීඩිත IMF ගිවිසුම වත්මන් රජය ක්‍රියාත්මක කරන බවට පැවසීම ජන වරමට පිටුපෑමක් බව සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

POPULAR ARTICLES