25.6 C
Colombo
Thursday, November 28, 2024

තාවකාලික අංක තහඩු භාවිතා කිරීමේ අවසන් දිනය ගැන නිවේදනයක්

- Advertisement -

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරි තත්ත්වය අවසන් කර ඇති අතර නැවත නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගෙන ඇත්නම්, ඔබේ අංක තහඩුව 2024 දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර ලබා ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලීම් කර ඇත්තේ.

2024 දෙසැම්බර් 15න් පසු රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිතා කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම කළ නොහැකි වන අතර එලෙස තාවකාලික අංක තහඩු භාවිතා කරමින් ධාවනය වන රථ වාහන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති.

එමෙන්ම මෙතෙක් ඔබට නිකුත් කර තිබූ තාවකාලික අංක තහඩු සමඟ ධාවනයට ලබාදී තිබූ අවසර පත්‍රය 2024 දෙසැම්බර් 15 දිනෙන් අවලංගු වන බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

නුවරඑළියට තද වැසි – උඩරට දුම්රිය නානුඔයට සීමා වෙයි

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයෙක් පවසනවා. ඉහළ...

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන්නැයි ජනපතිට ලිපියක්

දේශපාලනය හැර වෙන කිසිම දෙයක් නොකළ, ඒ නිසාම දේශපාලන පත්වීමක් ලෙස කුලපති ධූරය ලද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම තනතුර ඉවත් කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය...

පුංචි ඡන්දේ තියන දිනය ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කොමිසමේ...

POPULAR ARTICLES