27.3 C
Colombo
Tuesday, October 22, 2024

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

- Advertisement -

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(Cඓඪ්) සිදුකළ විමර්ශනයේ වාර්තාව කොමිසමට ලැබී ඇති බවයි.

එම වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසු සිය කොමිසමේ නිර්දේශ විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන බව, ඔහු සඳහන් කළා.

මේ අතර, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ, මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සිදු නොකරන බවයි.

පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සියලු සැලසුම් සකස් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා විමර්ශනයක් ආරම්භ කළා.

ඉන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, විභාගයේ ප්‍රශ්න 03ක් පිටවී ඇති බවයි.

ඒ සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

හොරකම් කරන්න මම දේශපාලනේ කළේ නැහැ – රෝහිත

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා කෙනෙක් බව කියන මහනුවර ප්‍රධාන පෙලේ වාහන අලෙවිසැලක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකුගේ නිවසක තිබී ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථයක් සහ...

පොහොර සහනාධාර ගැන දැනුම්දිමක්

මහ කන්නයේ වී වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 46ක මුදලක් දිස්ත්‍රික්ක 11 ක ගොවින්ට ලබා දී ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ගොවිජන...

මාස 9 ට අල්ලස් කොමිසමට පැමිණිලි 3,000ක්

මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 3,000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ජනවාරි මස පළමුවන දින...

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...