2025 අප්‍රේල් මස 06 වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම දැනුම් දීම සිදු කර තිබුණා.
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරවයි.
පසුගිය මහ මැතිවරණයෙන් රුවන්වැල්ල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කෝසල නුවන් මහතා ඊයේ (06) ඇති වූ හදිසි හෘදයාබාදයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා.
මිය යන විට ඒ මහතා 38 වැනි වියේ පසුවුණා.