විශ්‍රාමික හමුදා සෙබළුන්ගේ සහ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ගේ පිබිදීම ජාතික ජන බලවේගයේ පිබිදීම තහවුරු කිරීමේ සංඥාවක් බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පුනරුද යුගයකට සැරසෙන අදිටන මැයින් ජාතික ජන බලවේගය විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාලිගාවත්තේ අද (04) පැවති ජන රැලියකදී ඔහු මේ බව සඳහන් කර සිටියා .
එහිදි අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාට අප්පච්චි කියපු එස්. එම් චන්ද්‍රසේනට හා රෝහිත අබේගුණවර්ධනට දැන් රනිල් වික්‍රමසිංහ මහතා අප්පච්චි වි තිබෙන බව පැවසුවා.
තවදුරටත් අදහස් දැක්වු කුමාර දිසානායක මහතා ,
සමහර දේශපාලන අධිකාරි වල සිටින අයගේ තර්ජනාත්මක ගර්ජනයන් ඉදිරි දින කිහිපයේ දකින්න පුළුවන්. මම දන්නවා ඔවුන් විශාල ලෙස කලබලයට පත්වන සමුළුව තමයි මේ සමුළුව.මෑතකදී බුද්ධි අංශ විසින් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාව ප්‍රධාන කරුණු දෙකක් පෙන්වල දුන්නා. එකක් තමයි විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ නැගිටීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැරි බවට දෙන සංඥාවක් කියලා. දෙවෙනි එක තමයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ග්‍රාම සේවා වසමේ සිට ජාතික වශයෙන් ඉතාමත් ප්‍රබල ජාතික ජන බලවේගයට අනුබද්ධව ගොඩනැගෙමින් තිබෙනවා .ඒ පිබිදීම සහතික වශයෙන් ජාතික ජන බලවේගයට ජයග්‍රහණයක් ගෙන දෙන බව.මේ පටන්ගත්ත ගමන සැප්තැම්බර් මාසේ 21 වෙනිදා නියත ජයග්‍රහණය දක්වා යනවා.අවුරුදු හැත්ත පහක ඉතිහාසය පැත්තකින් තියලා පහුගිය සති දෙක බලන්න.මහින්ද රාජපක්ෂට අප්පච්චි කියපු එස්. එම් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධනට රනිල් අප්පච්චි වෙලා.දැන් අප්පච්චිලා දෙන්නයි.බන්දුල ගුණවර්ධන පහුගිය ඡන්ද කාලේ පත්තරේ දැන්වීමක් දැම්මා මහා දවල් මහ බැංකුවේ මහා වංචාව එළිදරව් කරපු ප්‍රාඥයා අංක දාසයෙන් කොළඹට කියලා.දැන් බන්දුල ගුණවර්ධන රනිල් ළඟ. සමඟි ජනබලවේගය කියන දේශපාලන ව්‍යාපාරය ගොඩනගන කොට සභාපති ෆිල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා. දැන් සජබෙ සභාපති එළියේ පොහොට්ටුවේ සභාපති ඇතුලෙ.මෛත්‍රීපාල සිරිසේන කී සැරයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරදිකරුවෙක් වුනාද…