26 C
Colombo
Friday, October 18, 2024

ඉන්දියා-මධ්‍යම ආසියානු රැස්වීමේදී චබහාර් වරායේ වැදගත්කම අවධාරණය කෙරේ

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ මානුෂීය අර්බුදයේදී සහ ජාත්‍යන්තර සංවිධාන මගින් ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර බෙදා හැරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ චබහාර් වරාය තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ ජාතික ආරක්ෂක උපදේශකයින් සහ මධ්‍යම ආසියානු රටවල ආරක්ෂක කවුන්සිල සාමාජිකයන් සහ ආරක්ෂක මණ්ඩල ලේකම්වරුන් ආදීන්ගේ සහභාගිත්වයෙන් පැවති 1 වන ඉන්දියා-මධ්‍යම ආසියානු රැස්වීමේදීය.

සමුළුවෙන් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සදහන් වූයේ මෙම හමුවේදී, ජාත්‍යන්තර උතුරු-දකුණු ප්‍රවාහන කොරිඩෝව සහ ජාත්‍යන්තර ප්‍රවාහන සහ සංක්‍රමණ කොරිඩෝව පිළිබඳ අෂ්ගාබාත් ගිවිසුම මෙන්ම ඉන්දියාවට සම්බන්ධ වීම සැලකිල්ලට ගන්නා ලෙස මධ්‍යම ආසියානු ජාතීන්ගෙන් ඉල්ලා සිටි බවයි.

ජාතික ආරක්ෂක උපදේශකයින් ඇෆ්ගනිස්ථානයේ දැනට පවතින තත්ත්වය සහ කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය කෙරෙහි එහි බලපෑම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, සාමකාමී, ස්ථාවර සහ ආරක්ෂිත ඇෆ්ගනිස්ථානයක් සඳහා ශක්තිමත් සහය නැවත අවධාරණය කර තිබේ.

එපමණක් නොව, ත්‍රස්තවාදයට එරෙහි වීම, කලාපීය ආරක්ෂාව සහ ඇෆ්ගනිස්ථානයේ තත්වය පිලිබදව සාකච්ඡා කිරීම නවදිල්ලියට රැස් වූ මධ්‍යම ආසියානු රටවල ජාතික ආරක්ෂක උපදේශකයින් සහ ආරක්ෂක කවුන්සිල ලේකම්වරුන්ගේ ප්‍රමුඛ ගැටළු වූ බවද සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...