2011 දී පටන්ගත් චීනයේ ෂයොමි ආයතනය දැන් ලෝකයේ සිව්වැනි ලොකුම ස්මාට්ෆෝන් කම්පැණිය. පසුගිය දවසක එළිදැක්වූ ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන්හි කාර්තුවක් ගාණේ පළ කරනු ලබන ජංගම දූරකථන පිළිබඳ දත්ත වාර්තාවේ 2020 තුන්වැනි කාර්තුමය වාර්තාව අනුව ලංකාවේ දෙවැනි විශාලම ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ්නේම් එක ෂයොමි.
ඒ අනුව ලෝකයේ වේගයෙන් පැතිරෙන මෙම සමාගම ලංකාවේත් විශාල බලයක් ලබාගෙන සිටින බව පැහැදිලියි. MI සහ Redme යන ජංගම දූරකථන එම සමාගමෙන් නිපදවනවා. පසුගිය කාලයේ එම ජංගම දූරකථන සමාජයේ පැතිරවීමේ විශාල ප්‍රචාරක මාලාවක් දියත් කර තිබුණා. ඒ අනුව පසුගිය කාර්තුවේ වෙළඳාම් තුන් ගුණයකින් වැඩි කරගෙන.
Xiaomi ශ්‍රී ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරී විද්‍යා සාගර් මහතා මෙසේ කියා තිබුණා. “Xiaomi ශ්‍රී ලංකාවේ මෙය අපට ප්‍රීතිමත් අවස්ථාවක්. තව තවත් වෙහෙස මහන්සි වෙලා හොඳම නිෂ්පාදනය ගේන්න අපි උත්සාහ කරනවා. ඉදිරියේ නත්තල් සමයේදී විශේෂ වෙළඳ ප්‍රචාරක ව්‍යාපෘති සිදු කිරීමට එම සමාගම බලාපොරොත්තු වෙයි. දැන් ෂියොමි සමාගම අන්තර්ජාලයේ විකුණුම් සඳහා Daraz.com සමඟ එක්ව කටයුතු කරමින් සිටී. Xiaomi විසින් දිවයින පුරා නොබැඳි හවුල්කරුවන් 1100 කට වැඩි පිරිසකගේ ජාලයක් ඇති කිරීමත්, ශ්‍රී ලංකාව තුළ එහි පැවැත්ම ශක්තිමත් කිරීමටත් සැලසුම් කරමින් සිටී.