26.5 C
Colombo
Tuesday, April 1, 2025

මෝදිගේ ලංකා සංචාරය ගැන ඉන්දීය රජයෙන් නිල නිවේදනයක්

- Advertisement -

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මස 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇති බවයි.

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වි සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

මෙරට රැඳීසිටින කාලය තුළදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනුරාධපුර ජය ග්‍රී මහා බෝධීන් වහන්නේ වැඳපුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිත බවද සඳහන් වනවා.

එමෙන්ම මෙම සංචාරය තුළදී දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීමට ද නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත බවද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවා.

RECENT ARTICLES - SINHALA

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි

මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පළමු පාසල්...

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර...

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

POPULAR ARTICLES

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි

මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පළමු පාසල්...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

අද (01) දින ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා...