ගංජා අලෙවි කිරීම උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනකුට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සුරාබදු දෙපාර්තමේන්තුවට කළ වැටලීමකදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්රෑම් දෙකක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.