යළිත් ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් ඇතිවී ඇත්තේ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන සඳහා ඇණවුම් නොකිරීම හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඉන්ධන මිල පහළ දමනු ඇතැයි උපකල්පනයක් මත ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇණවුම් නොකර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
කෙසේ වෙතත් ඉදිරි සතියේ දී ඉන්ධන මිල පහළ දැමීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ඉන්ධන මිල අඩු වන බවට පුවත් ප්‍රචාරය වීමත් සමඟ ඉන්ධන ඇනවුම් නොකර සිටි පිරවුම්හල් යළි ඇණවුම් සිදුකර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටියේ මේ වන විට දිවයින පුරා පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම ආරම්භ වීමත් සමඟ ඉන්ධන බෙදා හැරීම සාමාන්‍යය තත්ත්වයට පත්ව ඇති බවයි.