ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
අද (24) අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමටයි රජය තීරණය කර ඇත්තේ.
ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහළ දැමීම සිදුකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඊයේ (23) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අදාළ මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතයි.
ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම් සහ බදු මුදල් මිල එම සංශෝධනයට ඇතුළත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420ක් වේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 77කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 450ක් ලෙසය.
ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 111කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 400ක් වේ.
සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 116කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 445ක් ලෙස දැක්වෙයි.
Fuel Cost Breakdown before the price revision ?? pic.twitter.com/C1dKFF8Xaj
— Kanchana Wijesekera (@kanchana_wij) May 24, 2022
2) Cabinet also approved the revision of transportation and other service charges accordingly. The formula will be applied every fortnight or monthly. Request the Transport sector to discuss the revision of rates and not to disrupt transportation for the candidates sitting O/L.
— Kanchana Wijesekera (@kanchana_wij) May 23, 2022
(3) Public sector workforce will be called to work on the direction of the head of the institute from today. Work from home will be encouraged to minimize the use of fuel and to manage the energy crisis. pic.twitter.com/JVKrmSYnoc
— Kanchana Wijesekera (@kanchana_wij) May 23, 2022