25 C
Colombo
Monday, November 18, 2024

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි: ගිවිසුමට කැබිනට් අනුමැතිය

- Advertisement -

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළව දැනට ඉන්දීය රජය සමග පවතින ගිවිසුම් ත්‍රිත්වය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මඟින් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට විසින් එකඟතාවයකට එළඹ තිබෙනවා.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කර තිබෙනවා.

එසේ ම, ලංකා අයි.ඕ.සී සමාගම දැනටමත් භාවිතයට ගන්නා තෙල් ටැංකි 14ක් එම සමාගමේ ව්‍යාපාර සඳහා වෙන් කෙරෙනු ඇති.

ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක් හා ලංකා අයි.ඕ.සී සමාගමට 49%ක් කොටස් අයිතිය හිමි වන පරිදි ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පෞද්ගලික සමාගම මඟින් සංවර්ධනය කෙරෙ යි.

මේ සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES