26.2 C
Colombo
Friday, November 8, 2024

‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය ඥාණසාර හිමිට

- Advertisement -

ජනාධිපතිවරණයෙන් වසර දෙකකට ආසන්න කාලයකට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ” පිහිටුවා තිබෙනවා.

එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධූරයට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කර තිබීම විශේෂත්වයක්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වය දරනවා.

ඊයේ (27) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පත්කල මෙම කාර්ය සාධක බලකායට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන කර ඒ සදහා පනත් කෙටුම්පතක් සකස් කිරීම, අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විට මීට අදාළව සකස් කරන ලද නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයන කොට ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධනයන් වේ නම් ඒ සදහා යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන රාජකාරී වනවා.

මසකට වරක් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදෙන ලෙසත් අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි මස 28 වැනි දිනට හෝ ඊට පෙර ලබාදෙන ලෙසත් අදාළ ගැසට් නිවේදනයේ සදහන් වනවා.

කෙසේ වෙතත් මෙම සාමාජිකයින් 13 දෙනා අතර කිසිදු දෙමළ ජාතික නියෝජනයක් නොමැතිවීමද විශේෂත්වයක්

එම ගැසට් නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්

තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම, මත්තුමගල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය...

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා. කිසියම්...

නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණ කටයුතු බැහැ

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී...

POPULAR ARTICLES