25 C
Colombo
Thursday, January 9, 2025

චීනයෙන් බිත්තර රකින යන්ත්‍ර සීයක් ලංකාවට

- Advertisement -

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර 100 ක් බෙදාහැරීම ඊයේ (08) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කර තිබෙනවා.

චීනයේ යුනාන් පළාතේ සංචාරයේදී ආග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව බිත්තර රකින යන්ත්‍ර සීයක් චීන තානාපති චී ජන්හොං මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදීම සිදුකෙරුණා.

එම යන්ත්‍ර කෘෂිකර්ම අමාත්‍යාංශයේ හදබිම අධිකාරිය මගින් දිවයින පුරා බෙදාහැරීම සිදුකෙරෙනු ඇති.

මෙහිදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා පවසා සිටියේ විශේෂ මිතුරෙකු ලෙස චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජන ජීවිතය නංවාලීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙනයන වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබාදෙන බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී. හේරත්, ජානක වක්කුඹුර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සහ චමල් රාජපක්ෂ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි ඇතුළු අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබුණි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES