ශ්‍රී ලංකාව චීනයෙන් ඇණවුම් කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක ප්‍රමාණයක් අද (06) උදෑසන මෙරටට ළඟා වී තිබේ.
ඒ අනුව, වරක දී ශ්‍රී ලංකාවට ගෙන එන ලද විශාලතම එන්නත් තොගය මෙය වේ.
මීට පෙර අවස්ථා දෙකකදී, සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ලැබුණු අතර එය චීන රජයෙන් මෙරටට කරන ලද පරිත්‍යාගයක් වේ.
ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීමකට අනුව එම එන්නත් තොගය පරිත්‍යාග කෙරිණි.