25 C
Colombo
Tuesday, January 14, 2025

මහරගම බිහිසුණු රිය අනතුරකින් අයෙක් මරුට

- Advertisement -

මහරගම – පමුණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්ද ප්‍රදේශයේ පදිංචි සුපුන් සුලෝකන අකලංක නැමැති 30 හැවිරිදි අයෙක්.

ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නිරතව සිටි කළමණාකරණ සහකාරකවරයෙකු බවද පොලීසිය පවසනවා.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල දෙස සිට යතුරු පැදියෙන් පමුණුව දෙසට එමින් සිටියදී නව රෝහල දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මෝටර් රථ දෙකක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ, අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිද්ධය සම්බන්ධව මහරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම් මාර්ගයේ වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය අසල මාර්ගයේ අද (30) සවස සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් තුවාල ලබා තිබෙනවා.

ඒ, නවතා තිබූ මෝටර් රථයක තවත් මෝටර් රථයක් ගැටීමෙන්.

තුවාල ලැබූවන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

නවතා තිබූ මෝටර් රථයේ පුද්ගලයන් 4 දෙනෙකු සිට ඇති අතර, පිටුපස අසුනේ සිටි කාන්තාව සහ ඇයගේ දියණිය මෙලෙස තුවාල ලබා තිබුණා.

අනතුරත් සමග නවතා තිබූ මෝටර් රථය අසල පිහිටි ගලක වැදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගියා. චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති...

දුරකථන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන...

POPULAR ARTICLES

කුම්භ මේලා උත්සවය ඇරඹේ

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා. සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී...

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා...