31 C
Colombo
Friday, October 25, 2024

කලවාන රෝහල් භූමියේ ගැටුමකින් අයෙක් මරුට

- Advertisement -

කලවාන මූලික රෝහලේ දී ඊයේ (16) රාත්‍රියේ සිදු වූ පිහි ඇනුමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව කලවාන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන දෙල්ගොඩ කොලනිය ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් එක් පුද්ගලයකු තුවාල ලබා 1990 ගිලන් රථයෙන් කලවාන මූලික රෝහල වෙත ගෙනවිත් ඇති අතර ගැටුමට අදාල අනෙක් පාර්ශවයේ පුද්ගලයන් ද ප්‍රතිකාර සදහා කලවාන මූලික රෝහල වෙත පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය අසල ගැටුමක් ඇති වී ඇති අතර මියගිය පුද්ගලයා පිහියක් ගෙන අනෙත් පුද්ගලයාට ඇනීමට උත්සහා කර ඇති අතර එම අවස්ථාවේ මියගිය පුද්ගලයාට පිහි ඇනුම සිදු කර ඇති බව කලවාන පොලිසිය පවසනවා.

ගැටුම බේරීමට ගිය කාන්තාවක් ද පිහි ඇනුමට ලක්ව තිබෙනවා බව පොලිසිය සඳහන් කරනවා.

එම අවස්ථාවේ පිහි පහරින් මරුමුවට පත් පුද්ගලයා රෝහලේ පිරිමී වාට්ටුව දෙසට දුවගොස් ඇති අතර ඔහු පන්නා ගිය අනෙක් පුද්ගලයා පිරිමි වාට්ටුව තුළ රෝගීන් ඉදිරියේදී මියගිය පුද්ගලයාට මෙම පිහි ඇනුම සිදු කර ඇති බවට වාර්තා වෙනවා.

පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසුවා .

RECENT ARTICLES - SINHALA

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ...

පමුණුගම පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව...

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...