කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පැවසීය.
එම නිසා අඛණ්ඩව පරිගනකයේ හෝ ජංගම දුරකතනයේ තිරය දෙස නොබලන ලෙසත් මිනිත්තු 20 න් 20 ට අඩුම වශයෙන් තත්පර 20 ක හෝ විවේකයක් ගන්නා ලෙසත් ඒ මහතා පාසල් හා සරසවි සිසු සිසුවියන්ට දැනුම් දී සිටී.
විශේෂයෙන්ම මේ දිනවල වමනය, ක්ලාන්තය, ඇස් වේදනාව, ඇස් වලින් කදුලු ගැලීම ආදී රෝග ලක්ෂණ සහිත දරු දැරියන් වැඩි වශයෙන් තමාගෙන් පෞද්ගලිකව හා රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බව කී ඉද්දවෙල මහතා ඒ සෑම අයෙකුගෙන්ම තමා පලමුවෙන්ම විමසන්නේ ඔන් ලයින් පාඩම් වැඩ කරනවාද බවත් ඔවුන්ගේ පිලිතුර “ඔව්”වන බවත්ය.
ඒ අතරින් ඇතැම් දරුවන්ගේ රෝග තත්වය උත්සන්න වී සී.ටී. හා එම්.ආර්.අයි.වැනි මිල අධික වෛද්‍ය පරික්ෂණ වලට භාජනය වී ඇති බවත් පසුව ඔවුන් ඊට අදාල විශේෂඥ වෛද්‍යවරුන් විසින් අක්ෂී සායනය වෙත යොමු කරන බවත් ඒ මහතා සදහන් කලේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඉද්දවෙල මහතා මෙසේද කීය.
“මිනිසා වානරයගෙන් තමයි පරිණාමය වෙලා තියෙන්නේ.ඒ නිසා අපේ ඇස් එක දෙයක්ම දිහා එක දිගට බලා ගෙන ඉන්න තරම් හුරුවක් නැහැ. දැන් දරුවන් පැය ගණන් එක දිගට ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වෙලා පරිගනකය හෝ ජංගම දුරකතනයේ තිරය දෙස බලා ගෙන සිටීම නිසා දෘෂ්ටි රෝගාබාධ වලට ලක්වී තිබෙනවා. මේ දිනවල මා හමුවට පැමිණෙන පාසල් හා සරසවි සිසු සිසුවියන්ගෙන් සියයකට 60 කට වඩා මේ තත්වය තිබෙනවා.
ලමා අක්ෂී සායනයට එන දරුවන්ගෙන් සියයට 80 කට වඩා මේ තත්වය දැක ගන්න තිබෙනවා. මේක එතරම් හොද දෙයක් නොවෙයි.එම රෝග ලක්ෂණත් සමග ඇතැම් දරුවන්ගේ හැසිරීම් රටාව පවා වෙනස් වෙලා. ඔවුන්ට වෙනදට වඩා කේන්ති යනවා.තරහා යනවා. පවතින තත්වය තුල ඔන් ලයින් අධ්‍යාපනය සිදු විය යුතුයි. හැබැයි ඒ ගැන කවුරුත් දැනුවත් විය යුතුයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙයට කියන්නේ කම්පියුටර් විෂන් සින්ඩ්රොමි කියලයි.
පරිගනකයට වඩා ජංගම දුරකතනයේ තිරය පොඩියි. ඒ නිසා ඇස් තවදුරටත් වෙහෙස මහන්සී වෙනවා වැඩියි. ඇසේ වේලීම වැඩි කරනවා.තෙත් ගතිය නැති වෙනවා.අපේ ඇස ගත්තොත් කාර්යක්ෂම සියුම් පේෂීන් 6 ක් තිබෙනවා. කුමක් හෝ දිහා බලන විට ප්‍රතිබිම්බය ඒ පසුපස යනවා.
අවම වශයෙන් හැම විටම පේෂීන් 02 ක් 04 ක් වැඩ කරනවා. ලග බලන විට 4 ක් සංකෝචනය වෙනවා. එක දිගට එකම තැනක් දිහා බලද්දී ඒ සංකෝචනය දැඩි බවක් ඇති කරනවා. එය මොලයට මෙන්ම ඇහැට ද දැනෙනවා.එහි ප්‍රතිඵලය ඇස් වටේ දැවිල්ල, කදුලු ගැලීම, හිසරදය, වමනය යාම දක්වා වෙන්න පුලුවන්.මේ නිසා ඇතැම් දරුවන්ට ඇස් කණ්ණාඩි පවා නිර්දේශ කරන්න සිදු වෙලා තිබෙනවා.
දැනට කල යුත්තේ විනාඩි 20 න් 20 ට තත්පර 20 ක හෝ විවේකයක් ගැනීමයි. එසේ නොමැති නම් මෘදුකාංගයක් තිබෙනවා විනාඩි 20 න් 20 ට තිරය ඔටෝ ඕෆ් වී නැවත දිස්වන.ඔන්ලයින් පන්ති කරන ගුරුවරුන් මේ ගැන දැනුවත් වී දරුවන්ට ඒ ආකාරයට විවේකය ලබා දිය යුතුයි. ඒ වගේම ඔන්ලයින් ඉගෙන ගන්න හැටි දරුවන්ට කියා දීමට රජය මැදිහත් විය යුතුව තිබෙනවා.
සමහර විට තව අවුරුදු හැට හැත්තෑවකින් අපේ ඇහැ ඔන්ලයින් අධ්‍යාපනයට හුරු වේවි.නමුත් තවම එහෙම හුරුවීමක් නෑ. සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන් පවා අපේ ගාවට එනවා. ඔවුන් අහනවා එතකොට අපි රැකියාව නොකර ඉන්නද කියලා. එවිට ඔවුන්ට පැහැදිලි කර දීලා පරිගනකයට ඇස විටින් විට විවේකය අරන් හුරු වන විදිය කියලා දෙනවා. කුඩාම දරුවන්ට මේක ඒ තරම් බලපෑමක් නෑ .මොකද ඔවුන් එක දිගම අවධානයේ යොමු කර ගෙන ඉන්නේ නෑ. 06 ශ්‍රේණියෙන් ඉහල තමයි වැඩිපුර තිබෙන්නේ.
ඒ වගේම අපේ ඇසෙන් පැය ගානක් ඒ දිගට බලා ගෙන හිටියත් හොදට මතකයේ තියෙන්නේ අවසන් මින්ත්තු 20 ක ඒවා විතරයි කියලයි නවීන විද්‍යාවේ කියන්නේ.ඒ නිසා පැය දහය දොලහ එක දිගට ඔන්ලයින් වලට යොමු වීමට වඩා ක්‍රමාණුකූලව ඒ ගැන අවබෝධයෙන් ඉගෙන ගැනීම වඩාත් සාර්ථක වේවි.”
-Lankdeepa