27 C
Colombo
Wednesday, October 23, 2024

ගර්භනී මව්වරුන්ට ලබා දෙන්නේ සයිනොෆාම් පමණයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශයක්

- Advertisement -

ගර්භනී කාන්තාවන් සඳහා චීනයේ සයිනොෆාම් එන්නත පමණක් ලබාදිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

වෙනත් එන්නත් පිළිබඳ ප්‍රමාණවත් දත්ත නොමැති බැවින් ගර්භනී මව්වරුන්ට සයිනෝෆාම් එන්නත පමණක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුව නිර්දේශ කර තිබේ.

සයිනොෆාම් එන්නත ලබා දීමේ දී අදාළ ප්‍රදේශවල ගර්භනී කාන්තාවන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර ද එන්නත ලබා දීමේ දී මතුවන ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීමට යම් කාලයක් ගත වන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

“එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් පවුල් සෞඛ්‍ය කාර්යාංශය තවමත් මාර්ගෝපදේශ සකස් කරමින් සිටිනවා” යැයි වෛද්‍ය හේරත් අවධාරණය කළේය.

ගර්භණී මව්වරුන්ට එන්නත් කිරීම තවමත් ආරම්භ කර නොමැති බවත්, අදාළ මාර්ගෝපදේශ සකස් කිරීමට යම් කාලයක් ගතවන බැවින් ඉන් පසුව පමණක් එන්නත ලබා දීම ආරම්භ කළ හැකි බවත් ඔහු පවසයි.

තවද, සමහර ගර්භනී මව්වරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් තොරව එන්නත් ලබා දී ඇති බවට වාර්තා කිහිපයක් ලැබී ඇති බව ද ඔහු පැවසීය.

RECENT ARTICLES - SINHALA

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...