25.7 C
Colombo
Friday, March 14, 2025

කෝප් කමිටුවෙන් නිල වශයෙන් අස්වෙලා තියෙන්නේ පස්දෙනයි

- Advertisement -

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් මේ වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ සාමාජිකයින් 5 දෙනෙකු පමණක් බව පාර්ලිමේන්තුව සඳහන් කළ බව News 1st වාර්තා කරනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු News 1stවෙත සඳහන් කර තිබෙන්නේ, ඉල්ලා අස්වන බවට අදාළ සාමාජිකයින් 5 දෙනා පමණක් ලිඛිතව දැනුම් දී ඇති බවයි.

ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, ඉරාන් වික්‍රමරත්න, එස්. එම්. මරික්කාර් සහ මහාචාර්ය චරිත හේරත් යන මන්ත්‍රීවරුන් පමණක් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.

මීට අමතරව අනුර දිසානායක, වසන්ත යාපා බණ්ඩාර, ශානක්‍යන් රාසමානික්කම්, දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ හා හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණද ඊට අදාළ ලිඛිත දැනුම්දීම මෙතෙක් සිදු කර නැහැ.

පාර්ලිමේන්තුව පෙන්වා දෙන්නේ, ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දෙන තුරු ඉල්ලා අස්වීම් වලංගු නොවන බවයි.

ඔවුන් එලෙස ඉල්ලා අස්වුයේ කෝප් කමිටුවේ සභාපති ධුරයට පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පත්වීමට විරෝධය පළ කරමින්.

ඉල්ලා අස්වීම් භාර දුන් එම සාමාජිකයින් වෙනුවට නව සමාජිකයින් පත්කරන්නැයි, විපක්ෂ නායක කාර්යාලයට දැනුම් දී තිබෙන බවට පාර්ලිමේන්තුව සඳහන් කරනවා.

මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බව එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.

කෝප් කමිටුව සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත වන අතර ආණ්ඩුව නියෝජනය කරමින් 19 දෙනෙකු සහ විපක්ෂයෙන් සාමාජිකයින් 12 දෙනෙකු ලෙසයි.

ඉල්ලා අස්වීම් සමග ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් ගණන 18ක් වන අතර විපක්ෂ සාමාජිකයින් ගණන 08ක් දක්වා අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම සඳහා සාමාජිකයින් 5 දෙනෙකු පමණක් සිටීම ප්‍රමාණවත් බව ද පාර්ලිමේන්තුව පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වනවා. පානදුරේ සිට...

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: සැකසහිත යතුරුපැදි 2ක් සොයාගනී

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදි 2ක් සොයාගෙන තිබෙනවා. ඒ යක්කලමුල්ල ප්‍රදේශයේදී යි. තලගහවත්ත ප්‍රදේශයේ...

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා...

POPULAR ARTICLES