ONMAX DT අධ්‍යක්ෂවරු 05 දෙනෙක් අත්අඩංගුවට

ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ව අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පිරමීඩ මුදල් ගනුදෙනු  සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.