25 C
Colombo
Friday, October 25, 2024

ONMAX DT තවත් ගිණුම් කිහිපයක් අත්හිටුවයි

- Advertisement -

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනුවලින් අමෙරිකානු ඩොලර් කෝටි 10ක් අයථා ලෙස ඉපයූ බව කියන ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් රුපියල් කෝටි 43ක මුදලක් ආයෝජනය කර ඇති අමෙරිකානු මූල්‍ය ආයතනයක ගිණුම් අටක් තවත් මාස හයකට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අමෙරිකානු සමාගමක් වෙත ඊයේ(09) නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය අමෙරිකානු BINANCE.COM ප්‍රධාන විධායක නිලධාරියා වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කිරීමට අධිකරණය විසින් නියෝග කළ බව සඳහන්.

ධනංජය ගයාන්, සම්පත් සඳරුවන්, ලේන දුවගේ රන්දික ජයතිස්ස, වික්‍රම පේලිගේ චන්ද්‍රකාන්ති, කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ONMAX DT(PVT)LTD හා ONMAX PTU LTD යන අයට හා සමාගම්වලට අදාළ ගිණුම් මෙසේ අත්හිටුවනු ලැබ තිබෙනවා.

මෙම අමෙරිකානු මූල්‍ය සමාගම විසින් ආයෝජනය කරන මුදල මෙන් තුන් ගුණයක් ලබාදෙන බවට තොරතුරු අනාවරණය වන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සඳහා පුද්ගලයන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...