පොලිස් ස්ථානයකදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරනවා.
මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවියක් මෙසේ ක්‍රියාත්මක වී ඇති අතර එහි උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ පාදයේ වැදීමෙන් ඇය තුවාල ලබා තිබෙනවා.
මෙසේ තුවාල ලබා ඇත්තේ මහවෙල පොලිසියට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ පරිගණක ක්‍රියා කරවමින් සිටි පොලිස් කොස්තාපල්වරියක්.
පොලීසිය තවදුරටත් සඳහන් කර ඇත්තේ වෙඩි වැදීම සම්බන්ධයෙන් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවයි.
මහවෙල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් 119 රාජකාරී සඳහා පිටව ගොස් අවශ්‍යතාවයක් සඳහා නැවත පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර එහිදී කොස්තාපල්වරයකු සතුව තිබූ රිවෝල්වරය ක්‍රියාත්මක වී මෙම සිදුවීම හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.