29.2 C
Colombo
Friday, April 11, 2025

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාවට විරෝධයක්

- Advertisement -

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින්  විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී  විරෝධය පළකර තිබෙනවා.

සමගි ජන බලවේගය,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  නායකයන් මෙලෙස විරෝධය පළ කර තිබුණා.

මෙහිදී අදහස් දක්වා ඇති සමගි  ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම  බණ්ඩාර මහතා පවසා ඇත්තේ  පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන ඒමට විරුද්ධ නැතත්  යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝග වලට පටහැනි හෙයින් ඊට විරෝධය පළ කරන බවයි.

අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 ඊ යටතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයිද  එම පක්ෂ නායකයන් එහිදී පෙන්වා දී තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා කමිටුවක්  පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8  වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් ජගත් වික්‍රමරත්න  මහතාට පසුගියදා බාරදෙනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ට්‍රම්ප්ගේ බද්දට එරෙහිව සියලු පක්ෂ එකතුවෙලා

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් හමුවේ පක්ෂ භේදයකින් තොරව එක්ව කටයුතු කිරීමට...

හයිවේ ගාස්තු කාඩ්වලින් ගෙවන්න අවස්ථාව

මැයි 1 වනදා සිට මෙරට සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන්...

රන් මිලෙහි ඉතිහාසගත වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බද්දට එරෙහිව සියලු පක්ෂ එකතුවෙලා

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් හමුවේ පක්ෂ භේදයකින් තොරව එක්ව කටයුතු කිරීමට...

චීනෙන් ඇමරිකාවට ප්‍රතිප්‍රහාර

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනයද අද (11) ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු...