26.8 C
Colombo
Tuesday, April 8, 2025

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි නියෝගය හෙට

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු නාමයෝජනා, ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ නියෝගය හෙට (04) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව උප්පැන්න සහතිකවල සහතික පිටපත් ඉදිරිපත් කිරීම, විධිමත් ලෙස දිවුරුම ඉදිරිපත් නොකිරීම සහ උප්පැන්න සහතිකවල ඡායා පිටපත් පමණක් ඉදිරිපත් කිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනාවලට අදාළව ගොනුකරන ලද පෙත්සම් පිළිබඳ තීන්දුව ද හෙට ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඊට අමතරව නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ විමසීමට භාජනය වී තිබෙන පෙත්සම්වලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්, හෙට තෙක් මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියම කළා.

අදාළ පෙත්සම් පිළිබඳ අද අධිකරණය හමුවේ කරුණු සලකා බැලූ අතර වැඩිදුර විමසීම හෙට තෙක් කල් තබනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

තිනියාවල සිදුවිම ගැන පොලිස් නිවේදනයක්

යම් පුද්ගලයෙකු බිමතින් යතුරු පැදිය ධාවනය කරන බව නිරික්ෂණය විමෙන් පසු රථවාහන රාජකරියේ නිරත වි සිටි නිළධාරින් විසින් යතුරුපැදිය නවතා පරික්ෂා කිරිමට යාමේදි...

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

POPULAR ARTICLES