23 C
Colombo
Monday, February 24, 2025

සයිටම් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

සයිටම් විශ්ව විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2017 ඔක්තෝම්බර් මස 10 වැනිදා සිදු කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කළ බවට අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ භික්ෂු බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට එරෙහිව පැවරූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අද 16 නියෝග කළා.

පූර්වගාමී මහේස්ත්‍රාත් දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් නිකුත් කළ පිටු 11 යුතු නියෝගය කියවමින් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාට එරෙහිව පවතින චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බව කියමින් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළා.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අධිකරණයේ පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන් ගැන පැමිණිලි ඉහළට

පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, වධහිංසා කිරීම, අත්තනෝමතික ලෙස...

සරසවි සිසුන් තුනක් රෝහලට යැවු ගැටුම

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබු සිසුන් තුන්දෙනකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ...

භාණ්ඩ සොරාගත් SI අත්අඩංගුවට

පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බවට පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (23)...

POPULAR ARTICLES

පොලිස් නිලධාරීන් ගැන පැමිණිලි ඉහළට

පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, වධහිංසා කිරීම, අත්තනෝමතික ලෙස...

සෙලෙන්ස්කි ධූරය අත්හරී ද?

යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී ඔහු...