29 C
Colombo
Friday, July 5, 2024

විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණ දෙකකින් නියෝග

- Advertisement -

නාමල් කරුණාරත්න මහතා ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණ දෙකකින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අද (03) දින කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළව මෙම නියෝග නිකුත් කර ඇත්තේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරිගොවින් සුරකිමේ මධ්‍යස්ථානය හා වෘත්තිය සමිති විසින් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළ මෙම නියෝග නිකුත් කෙරුණා.

ඒ අනුව නාමල් කරුණාරත්න, ටි.බි සරත්, සුසන්ත කුමාර, සුමිත් අත්තනායක, බණ්ඩාර රඹුක්වැල්ල, සොසිරි රණසිංහ, නිලන්ත සිල්වා, සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරි ගොවීන් සුරකිමේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම්, කිරි ගොවින් සුරකිමේ මධ්‍යස්ථානය ලේකම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන සේවක සංගමයේ සභාපති, ස්වාධින සේවක සංගමයේ සභාපති සහ සමගි සේවක සංගමයේ සභාපති යන පිරිසට මාර්ග කිහිපයකට ඇතුළු වීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විරෝධතාකරුවන්ට කොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත ටෙලිකොම් හංදියේ සිට සෙරමික් හංදිය දක්වා ද, සෙරමික් හංදිය සිට NSA වටරවුම දක්වා මාර්ගයද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු වටරවුම ද අවහිර නොකරන ලෙසට දැනුම් දී තිබෙන බවට වාර්තා වනවා.

මේ අතර, මුදල් අමාතයංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට සංදේශ භාරදීම හා සාකච්ඡා පැවැත්වීමට ඉතා සුළු කණ්ඩායමකට වගකිව යුතු රජයේ නිලධාරියෙකුගෙන් නිත්‍යානුකූලව ලබා ගත් අවසරයක් මත පමණක් ඇතුළුවීමට බාධාවක් නොවන බව ද අදාළ අධිකරණ නියෝගයේ දැක්වේ.

පොදු හා පෞද්ගලික දේපොළවලට හානි නොකරන ලෙසටත් නියෝග කරමින් විරෝධතාවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය ප්‍රතිපාදන ප්‍රකාරව ආඥාවක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමේ මුලික අයිතිවාසිකමට අධිකරණ නියෝගයෙන් කිසිදු බාධාවක් නොවන බව ද අධිකරණය දැනුම්දී තිබුණා.

RECENT ARTICLES - SINHALA

සා.පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2024.07.09 සිට 2024.07.19 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ,...

ජනතාවගේ ප්‍රශ්න විසඳන්න දැන් පටන් ගත්තා – රනිල්

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණයහිමියන් වෙතින්...

සනීපාරක්ෂක තුවා තිළිණපත්වල වලංගු කාලය ගැන දැනුම් දිමක්

2024 වර්ෂයේ පාසල් සිසුවියන්හට සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) මෙම මස 10 වනදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ඩොලරය පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ ඩොලරය පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 300.39ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම්...