28.6 C
Colombo
Monday, September 16, 2024

දේශබන්දුට ගෙන ආ අතුරු පෙත්සමට විරෝධතා ගොනු කිරිමට නියෝග

- Advertisement -

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමියන් ඇතුළු හිමිවරු තිදෙනකු ගොනුකොට ඇති අතරමැදි පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 13 වැනිදාට පෙර ගොනු කරන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පාර්ශ්වකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.

අතරමැදි පෙත්සම අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අතරමැදි පෙත්සමට පාදක වු මුල් පෙත්සම විභාග කළ විනිසුරු මඩුල්ල හමුවේ අතරමැදි පෙත්සම කැඳවීමටද නියම කළ බව පැවසෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බලා තිබුණා.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමි, කොල්ලූපිටිය රාහුල හිමි සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන් විසින් මෙම අතරමැදි පෙත්සම ගොනුකොට තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයේ කටයුතු කිරීමට එරෙහිව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ඇතුළු පිරිසක් විසින් මෙහි මුල් පෙත්සම ගොනුකරණු ලැබුවා.

එම පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව පසුගිය ජූලි 24 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර තිබෙනවා.

ඊට එරෙහිව හිමිවරුන් තිදෙනෙකු විසින් අතරමැදි පෙත්සමක් ගොනු කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයේ කටයුතු කිරීම වළකාලමින් නිකුත් කර ඇති අතුරු නියෝගය ඉවත් කර ඒ මහතාට එරෙහිව ගොනුකොට ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටි බව පැවසෙනවා.

අතරමැදි පෙත්සම කැඳවු අවස්ථාවේදී අතරමැදි පෙත්සම්කාර හිමිවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා කරුණු දක්වමින් අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් මැතිවරණයට පෙර කරුණු තහවුරු කිරීම අත්‍යවශ්‍ය බැවින් ඉතා කෙටි දිනයක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලිමක්ද සිදු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සජිත්ට එරෙහිව ජපුරෙන් පැමිණිල්ලක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ...

එදා අපිට හොරා කියලා කිව්වා අපේ හාමුදුරුවනේ – නාමල්

දේශපාලන නායකයින් එදා මාධ්‍ය ඉදිරියට පැමිණ අප කණ්ඩායමට 'හොරා' යනුවෙන් පැවසුවත් තමාට එරෙහිව තිබූ නඩු වලින් නිදොස් කොට නිදහස් වූ බව පොදුජන පෙරමුණේ ජනාධිපති...

ටික්ටොක් ඔට්ටුවලට යතුරුපැදි රේස් පැද්ද තරුණයින් 12ක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලයේ ටික්ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12ක් යතුරුපැදි 18ක් සමග අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...