29.2 C
Colombo
Wednesday, April 9, 2025

නාමල්ගේ නීතීඥභාවය ගැන විමර්ශනය කරන්න නියෝග

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් සිය නීති උපාධිය වංචනික ආකාරයෙන් ලබා ගෙන තිබේද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණේ, අල්ලස හෝ දූෂණය පිටු දැකීමේ පුරවැසි සංවිධානය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී සිටියේ නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටීමේදී වංචාකාරි ලෙස කටයුතු කර තිබේදැයි සොයා බැලීම සඳහා මෙම විමර්ශනය සිදු කරන බවද සඳහන් වනවා.

මේ සඳහා නීති විද්‍යාලයෙන් විමර්ශන වලට අවශ්‍ය ලේඛන ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් එම වකවානුවේ සේවය කළ එහි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කළා.

RECENT ARTICLES - SINHALA

‍රනිල් එක කෝල් එකක් දුන්න නම් ඇමරිකාව බදු අයින් කරනවා – රාජිත

රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ නම්, ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය අපනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති 44% ක තීරුබදු එක දුරකථන...

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ වැටුප නොලැබෙන ලකුණු

අයවැය යෝජනා අනුව සංශෝධිත  රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් මස 10 වන දිනට ලබා දීමට අපොහොසත් වන්නේ නම් අදාළ හිඟ වැටුප අප්‍රේල් 25 වන දින...

මර්වින් රිමාන්ඩ් –  ප්‍රසන්න සහ මිල්රෝයිට වරෙන්තු

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා. එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති...

POPULAR ARTICLES