26 C
Colombo
Sunday, December 15, 2024

ගුල්ලන් ගැසූ සහල් ප්‍රති අපනයන කිරීමට නියෝග

- Advertisement -

මෙරටට ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර සහල් තොගය ප්‍රතිඅපනයනය කිරීමට නියෝග කළ බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, එය මෙරටට සහල් එවූ සමාගමේ වරදක් බව නිරීක්ෂණය වී ඇති බවයි.

ඒ අනුව එම සමාගමෙන් යළි මුදල් අය කර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම සහල් තොග ගෙන් වූ ආනයනකරු අසාදු ලේඛනගත කිරීමක් නොකරන බවද සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

පෞද්ගලික ආනයනකරුවන් ගෙන් වූ කොළඹ වරායේ පැවති බහාලුම් 3ක තිබී ප්‍රමිතියෙන් තොර එම සහල් තොගය සොයා ගැනුණා.

ඒවායේ පැවති සහල් ප්‍රමාණය, කිලෝග්‍රෑම් 75,000 ක්.

එක් බහාලුමක තිබූ සහල් ඇසුරුම්වල නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වූ දිනයට උඩින් ස්ටිකරයක් අළවා එම දින වෙනස් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කළේ, අනෙක් බහාලුම් දෙකේ තිබූ සහල්වල කෘමි සතුන් නිරීක්ෂණය වූ බවයි.

මේ වනවිට මෙරටට ආනයනය කළ සහල් තොග, මෙට්‍රික්ටොන් 6500කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කැලිෆෝනියාවට ටොනේඩෝ අවදානමක්

කැලිෆෝනියාවේ - සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ...

සිරීපාදේ වන්දනා කරන්න නීති මාලාවක්

ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (14) උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වුණා. ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව...

ලංවිම ණය බර බිලියන 289.4ක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය වශයෙන් මෙම වර්ෂයේ ජූනි මස අවසානය වන විට රුපියල් බිලියන 289.4ක මුදලක් ගෙවීමට තිබූ...

POPULAR ARTICLES